යාපනයේ දූපත් තුනකට ඉන්දියාවෙන් කරන්ට් එක

යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබෙනවා.

ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිතයි.

කිලෝ වොට් 530ක සුළං බලය, කිලෝ වොට් 1700ක සුර්ය බලය, කිලෝ වොට් පැය 2400ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වනවා.

මෙම ව්‍යාපෘතිය “USOLAR” සමාගම විසින් ක්‍රියාත්මක කරන බව X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

මෙම දෙමුහුම් පද්ධතිය 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට නියමිතයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading