ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මෙම උමං මාර්ගය, ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ඉදි කෙරෙනවා.
දිනෙන් දින වර්ධනය වන අලි – දුම්රිය ගැටළුවට විසඳුමක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි.
දුම්රියවල හැපී මියයන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර, එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමුවී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව ගණනාවක් දීර්ඝ කාලයක් පුරාවට විසඳුම් රැසක් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති නමුත්,දුම්රියන්හි අලි ඇතුන් ගැටීම වළක්වා ගැනීමට රටක් වශයෙන් තවමත් උත්සහ කරමින් සිටින බවයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, “සුරකිමු දුම්රිය” ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කර, “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අලි – දුම්රිය ගැටුම් වැළැක්වීම උදෙසා යෝජනා රැසක් රජයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අතුරින් ප්‍රධාන යෝජනාවක් වූයේ, පසුගිය වසර කිහිපය තුල දුම්රියන්හි ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය සහ වන අලි 150-200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන, අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙස වූ යෝජනාවයි.
එහිදී එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වුවද එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා අලිමංකඩ ස්ථානයේ නව වනජීවි උමඟක් ඉදිකිරීමට යෝජනා වි තිබුණා.
