පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

යුක්රේනයට නේටෝ සංවිධානයේ සොල්දාදුවන් පැමිණිමක් සිදුවුවහොත් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් බටහිර දේශපාලඥයන්ටද අත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධය වාර්තා කරනවා.

ජනාධිපති පුටින් පවසා තිබෙන්නේ යුක්රේන යුද්ධයට මැදහත් වුවහොත් බටහිර දේශපාලනඥයන්ට අත්වන ඛේදජනක ඉරණම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිඳු අදහසක් නොමැති බවයි .

රුසියාවට බටහිර රටවලට එල්ල කළ හැකි ආයුද තිබෙන බව බටහිර දේශපාලනඥයන්ට අමතක වී තිබෙන බව රුසියානු ජනාධිපතිවරයා පවවසා තිබෙනවා.

එවැනි මැදිහත් වීමකින් සිදුවන්නේ ශිෂ්ඨාචාරයන් විනාශ කර දමනා න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීම පමණක් බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට නේටෝ සංවිධානයේ භටයන් යැවිය යුතු බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් .

එළඹෙන 15 – 17 දක්වා රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී තවත් අවුරුදු 6 ක කාලයක් සඳහා ජනාධිපති පුටින් නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්වනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව විශ්ලේෂකයින් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading