අහුන්ගල්ල පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පවසනවා.
මිය ගොස් ඇත්තේ නීල් කුසුම් කුමාර නැමැති (41) පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළා.
පොලිසිය සැක පලකරන්නේ පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.
පසුගිය දින 100 තුළ මෙරට මිනිස් ඝාතන 83ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
මෙම ඝාතන අතුරින් වෙඩි තබා සිදුකළ මිනීමැරුම් 20ක් වාර්තා වී ඇති අතර ඉන් 10ක්ම පාතාල සන්නද්ධ කණ්ඩායම් අතර සිදුවූ ඒවා බවද තල්දූව මහතා කියා තිබුණා.
මේ අතර මෙම වසරේ මේ දක්වා රට පුරා සොරකම් 1180ක් සිදුවී ඇති අතර කොල්ලකෑම් 310 ක්ද වාර්තා වී තිබෙනවා.
