නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට ජීවිත කාලයටම බලපැවැත්වෙන පරිදි නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරමින් අදාළ තීන්දුව ලබාදී ඇති බව සඳහන්.
විත්තිකාර නාගානන්ද කොඩිතුවක්කු මහතා 2014 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින්, විනිසුරුවරුන් කිහිපදෙනෙකු දූෂිත බැවින් තමා විසින් ගොනුකරන නඩු කටයුතු ඔවුන් හමුවේ කැඳවීමට පියවර නොගන්නා ලෙස ඉල්ලීමක් සිදුකර තිබුණා.
එකී ක්‍රියාව මඟින් ඔහු විෂමාචාර නැමැති වරද සිදුකර ඇති බවට විනිසුරු මඩුල්ල විසින් අද (29) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ බව වහාම අදාළ අංශවලට දැනුම් දීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට දැනුම් දී තිබෙනවා.

