දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස වැඩ භාර ගනී

දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තා.

මෙම පත්වීම ව්‍යවස්ථානුකූල නොවන බව මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන නායකයන් සහ ව්‍යවස්ථා විශේෂඥයන් රැසක් මත පළ කර තිබෙනවා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන පසුගිය සතියේ ප්‍රකාශ කළේ, දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ වැඩ බැලීමට නිත්‍යානුකූල අයිතියක් නොමැති නිසා එම තනතුරේ කටයුතු කළහොත් එය දූෂණය නම් වරදට අයත් වන බවත් එයට එරෙහිව අල්ලස් කොමිසම ඇතුළු ආයතනවලට පැමිණිලි කිරීමේ හැකියාව පුරවැසියන්ට පවතින බවයි .

මේ වන විට උක්ත පත්වීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙමින් සංවිධාන සහ පුද්ගලයන් රාශියක් අධිකරණ කටයුතු ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading