ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මිය ගිහින්

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිදුවිමටට වරදකරුවකු වී පසුව නිදහස ලැබු ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ චෙන්නායි රජිව් ගාන්ධි රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශාන්තන් ඊයේ (27) දින මියගිය බවයි.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර 20ක් පමණ සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට යාපනය පැමිණීමට නියමිතව තිබුණා. 1999 මැයි 21 වැනිදා රජිව් ගාන්ධි ඝාතනයට අදාලව හත් දෙනෙකු අධිකරණයෙන් වරදකරුවන් වුණා. රජිව් ගාන්ධි ඝාතනයට දෙමළ අරගලකරුවන් පෙළඹීමට හේතුව වී තිබුණේ 1987 ඉන්දු- ලංකා ගිවිසුම සහ ඉන්දීය හමුදා ලංකාවට ගෙන ඒම.

ශාන්තන් එල්ටිටීඊයේ බුද්ධි අංශවලට සම්බන්ධව කටයුතු කළ කෙනෙක්. 1990 දී ඉන්දියාවේ ඉංජිනේරු උපාධියක් ලැබීම සදහා ඔහු පිටත්ව ගොස් තිබුණේ, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ආධාර මත. එහිදී, රජිව් ඝාතකයන්ට අනුබල සැපයීම ඔහුට එල්ල වු චෝදනාව.

ඒ් අතරතුර ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලට මාරු කොට එහි දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බවයි.

ඔහු පිළිබද අදහස් දැක්වූ තවත් සිරකරුවෙකු වූ පෙරිවාලන් කියා තිබුණේ, ශාන්තන් ‘තමන්ගේම ලෝකයක‘ ජිවත් වූ බව. ‘කිසි කෙනෙකු එක්ක ඔහු කතා කළේ නෑ. ඔහු දැඩි ආගම් භක්තිකයෙක්. නිතර පූජා සහ ආවතේව කළා. සමහර දවස්වල මුළු දවසේම ඔහු හිරගෙදර කෝවිල තුළ තනිව ඉදගෙන හිටියා.‘ ඔහු වැඩිදුරටත් කියා තිබුණා.

ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

ශාන්තන් මිය යන විට ඔහු සහෝදරයාද ඔහු අසල සිට ඇති අතර ශාන්තන්ගේ දේහය ශ්‍රී ලංකාවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අනුව 1990 දී උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉන්දියාවට ගිය ශාන්තන්, දශක තුනකට පසු ලංකාවට පැමිණෙන්නේ මළසිරුරක් ලෙස.

2022 නොවැම්බර් මාසයේදී හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ නාලිනී, මුරුගන් සහ ශාන්තන් ඇතුළු 7 දෙනා හට නිදහස හිමිවුණා. ඒ ඔවුන් නිදහස් කරගැනීම සදහා සිදු කරන ලද විශාල අරගලයක ප්‍රතිඵලයක් ලෙස. නාලිනී මුරුගන්ට නිදහස ලබා දෙන ලෙස ඉන්දිරා ගාන්ධි පවා විශේෂ ඉල්ලීමක් සිදු කර තිබුණා. සිරගෙදරදී උපත ලද නාලිනීගේ දියණිය විශාල අවධානයට ලක් වූ තරුණියක්.

නිදහස හිමිවු අය අතරින් මුරුගන් සහ ශාන්තන් ට්‍රිචී විශේෂ කඳවුරේ රඳවා තබන ලද අතර අනෙක් පස් දෙනාට ඔවුන්ගේ ඥාතීන් වෙත යාමට අවසරය ඉන්දීය රජයෙන් හිමි වුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading