තවත් රෝගියෙක් මිය ගිහින්.. ලඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා.

කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගියෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් ‘මව්රට’ කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය පවසා ඇත්තේ මියගිය පුද්ගලයාට ලබාදී ඇත්තේ පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සන්දීපනීට ලබාදුන් ඖෂධයම බවය.

මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල, මාකූර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අජිත් විජේසිංහය නැමැති පුද්ගලයෙකි.

ජුලි 10 වන දින කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.එහිදී ඔහුට ප්‍රතිජීවක ඖෂධය අවස්ථා 13ක් ලබාදී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධයෙන් පසු ඔහු මියගිය බවත් අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇතිවන්නට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරිය පවසා ඇත.

“තාත්තාගේ කට දෙපැත්තේ තුවාලවෙලා වගේ තිබ්බා. ඒකට තමයි රෝහලට ගෙනිච්චේ. අක්මාවේ 60%ක් නරක් වුණත් හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා දොස්තර කිව්වා. 17 වනදා උදෙත් මම තාත්තාව බලන්න ගියා. එතකොටත් හොඳට හිටියා. 8ට විතර විදලා තිබුණා බෙහෙතක්. 9.15ට විතර අමාරුවෙලා තියෙන්නේ. ළඟ හිටපු අයට තාත්තා කියලත් තියෙනවා.. බෙහෙත විද්දට පස්සේ මොකක්ද වුණා කියලා. ඊට පසු දිනයේ තමයි තාත්තා නැති වුණේ. තාත්තා රෝහලට ආවේ මැරෙන්න ගිය ලෙඩකින් නෙමෙයි.”මියගිය අජිත් විජේසිංහගේ දියණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading