බෞද්ධ ධර්මයට අපහාස වන පරිදි ප්‍රසිද්ධ ආගමික දේශනයකදී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැතිවරයෙකු බව පවසන ජෙරොම් ප්‍රනාන්දුගේ පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් නමයක් පරීක්ෂා කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ජුලි 18 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇති බව දිවයින වාර්තා කර ඇත.
එම බැංකු ගිණුම්වලට අදාළ සියලු විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට එම බැංකුවල කළමනාකරුවන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ජෙරෝම් ප්‍රනාන්දු මහතා පසුගිය වසර කිහිපය තුළදී රුපියල් කෝටි සිය ගණනක මුදලක් උපයා ඇති බවත් එලෙස උපයා ගත් මුදලින් රුපියල් කෝටි ගණනාවක් ඔහුගේ නමින් බැංකුවල තැන්පත් කර ඇති බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන අංශය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කර ඇත.
ඔහු විවිධ කරුණු සඳහා රුපියල් කෝටි ගණනින් වැයකර හා පරිත්‍යාග කර ඇතත් ඔහුගේ බැංකු ගිණුම්වලට එලෙස වැය කරනා මුදල මෙන් දෙතුන් ගුණයක් මසකට ලැබෙනා බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දී ඇත.
.ඒ. ජේ. ඒ. අබේනායක–