ගෙඩියට බෙහෙත් ගන්න ගිය රෝගියාට සිහිය නැතිවෙන්න ගහපු එන්නතෙන් පස්සේ මියගිහින්! – රවී කුමුදේශ්

අනුරාධපුර රෝහලෙනුත් සැකසහිත මරණයක්! 

ඥාතීන්ට පැමිණිලි කරන්නවත් තැනක් නෑලු! 

කිහිල්ලේ උඩු පැත්තේ ඇති වී තිබුණු ගෙඩියකට ප්‍රතිකාර ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කළ කාන්තාවකට නිර්වින්දන කිරීමට ලබා දුන් එන්නතකින් අනතුරුව මරණයට පත්වී ඇති බවත් මරණය සිදු වුයේ එන්තතෙන් බව ඥාතීන්ට සැක කරන බවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අනාවරණය කර තිබුණි.

ජූලි  28 වන දින එම මරණය සිදුව ඇති බවත් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් එම මරණය සැක සහිත බවට පැවසුවද ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැති බවත් කුමුදේශ් මහතා පවසා තිබුණි.

‘මේ මියගිය රෝගියාගේ නම එස්. ලතා. අවසාන වශයෙන් වෛද්‍යවරයා කියලා තියෙන්නේ සිහි නැති කරන්න එන්නතක් විදිනවා. මේක ඇයගේ ඥාතියෙක්ගේ ප්‍රකාශයක්. මේ එන්තක විද්දට පස්සේ. ඇයට නැවත සිහිය එන්නේ නැහැ. ඇයගේ මරණ සහතිකයේ සදහන් වෙන්නේ කුමක්ද? මරණ සහතිකයේ සතා පැහැදිලිව සදහන් වෙන්නේ මෙහෙම දෙයක්. පපුවේ හට ගත් තුවාලයකින් විෂබීජ ඇතුලු වී නිසා හට ගත් සෙෆ්සිස් රෝගයෙන් වූ ස්වභාවික මරණයක්. මේ සිදුවී සිදු වෙලා කියලා ඥාතීන් කියනවා.. දැන් මේ සිදු වීම කොහේද ලියවෙන්නේ. ඒ සිදුවීම කොහේවත් ලියවිලා නැත්නම්.. මේ ඖෂධයෙන් මේ විදියේ මරණයක් සිදු වෙලා තියෙනවා කියලා කොහොමද අපි හොයාගන්නේ. මේ ඖෂධයේ කොච්චර ෆ්‍රීකොන්සි එකකට මරණ ඇති වෙලා තියෙනවාද කියන එක සම්බන්ධයෙන් විගණනයක් කරන්න, තීරණ ගන්න, ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරන්නේ කවුද? සෞඛ්‍ය අමාත්‍යංශයට අපි අභියෝග කරනවා. මිනිස්සුන්ට පැමිණිලි කරන්න දෙන්න, තමන්ගේ පැමිණිල්ල. එතකොට ඔයාලාට වාර්තා වෙයි.. මරණ සංඛ්‍යාව මිට වඩා වැඩි බව. අසාත්මිකතාව මීට වඩා වැඩි බව..’

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading