එන්නතකින් පසු සිඟිත්තියක් මරුට

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් ජුලී 16 වන දින  මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසා ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති සිගිති දැරියක් බව පුවතේ වාර්තා කර ඇත.

කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසූ බව පුවතේ වාර්තා කර ඇත.

මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පවසා ඇති බව පුවතේ සදහන් කර ඇත.

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවත් පුවතේ සදහන් කර ඇත. 

-ලංකාදීප-

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading