Wednesday, October 4

ජනපති කීවේ බොරුලු! වී මිලට ගන්නේ සොච්චමටලු!

යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමට ආසන්නවීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිල දරාගන්නට නොහැකි මට්ටමට පහළ වැටී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්. පුංචිරාල දිවයින පුවත්පතට කියා ති‍බේ.

ඔහු කියා තිබුණේ තෙත බර සහිත නාඩු වී කිලෝවක් රුපියල් 65 බැගින්ද, හොඳින් වේලූ වී කිලෝවක් රුපියල් 75 සිට රුපියල් 80 අතර මිල ගණන්වලට පෞද්ගලික වෙළඳුන් ගොවියන්ගේ නිවෙස්වලට පැමිණ මිලට ගැනීමට පුරුදු වී ඇති බවය.

ආණ්ඩුව ප්‍රාදේශීය මට්ටමෙන් ගබඩා විවෘත කොට වී අවෙි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව මාධ්‍යවලින් පුරසාරම් කීවත්, එය මහපොළොවේ ක්‍රියාත්මක නොවන බව ඔහු ප්‍රකාශ කර තිබුණේය.

වර්තමානයේ රසායනික පොහොර මිල, කම්කරු කුලිය සහ යන්ත්‍ර කුලිය දරාගන්නට අසීරු තරම් ඉහළ ගොස් ඇති නිසා, ගොවියෙකුට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට 100ක්- 110ක් අතර මුදලක් වැය වෙන බවක්, අවම වශයෙන් රුපියල් 120ක් හෝ 130ක් දක්වා වී මිල වැඩි කළ යුතු බවත් පුංචිරාල මහතා කියා තිබුණි.

Author

%d bloggers like this: