සිගරැට් ණයට නොදුන්නායැයි මුදලාලිට තියුණු ආයුධවලින් පහරදුන් 2ක් අත්අඩංගුවට

බණ්ඩාරගම රයිගම අඟුරුවාතොට පාරේ වෙළඳසැලකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පිරිසක් සිදු කර ඇති පහරදීමකින් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව බණ්ඩාරගම රෝහල් ආරංචි මාර්ග ඇසුරෙන් දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ 49 හැවිරිදි ව්‍යාපාරිකයා, ඔහුගේ 44 හැවිරිදි බිරිඳ සහ 16 හැවිරිදි පුතු බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන ආකාරයට 11 වැනිදා රාත්‍රී 10ට පමණ පැමිණ, ණයට සිගරැට් ඉල්ලූ අවස්ථාවේදී, ව්‍යාපාරිකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇති වූ බහින්බස්වීමකින් පසු, වෙළඳසැලින් පිට වී, නැවත තියුණු ආයුධ රැගෙන පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස පැමිණ පහරදීම සිදු කර ඇත.

ව්‍යාපාරිකයාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී ඔහුගේ බිරිඳට සහ පුතාටද හානි සිදු වී තිබේ.

මේ වන විට සාමාන්‍යයෙන් පරිභෝජනය කරන සිගරැට්ටුවක මිල රුපියල් 130කට අධික වන අතර, ලාබ සිගරැට් වර්ගවල මිලද ඉතා ඉහළ ගොස් තිබේ. සිගරැට් පරිභෝජනය කරන්නන් අඩු ප්‍රමිතියෙන් යුත් දුම්වැටි පානය කිරීමට හෝ ඉහළ පිරිවැයක් සිගරැට් වෙනුවෙන් දරන තැනට එය හේතු වී තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading