හෝමාගම පොලිස් භාරයේ රඳවා සිටියදී ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා දුම්බර බන්ධනාගාරය වෙත මාරුකර තිබේ.
පොලිස් භාරයේ සිටියදී අදාළ තරුණයා පසුගිය 25 දින මරණයට පත්විය. ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පොලීසියට ඇඟිල්ල දිගු කළ අතර විර්ශන වලින් පොලීසිය විසින් උප පොලිස් පරීක්ෂකවරයාව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ උප පොලිස් පරීක්ෂකවයො කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එදින රාත්රියේම දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරියේ නිරතව සිටියදී විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් විශාල පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටීම හේතුවෙන් ඔහුට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගෙන මෙම මාරු කිරීම සිදුකර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
