ගලගොඩඅත්තේ ඥානසාර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන්න ගිය විශේෂ අභියාචනයට බාදාලූ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතත් බන්ධනාගාර බලධාරීන් හා අධිකරණ අමාත්‍යාංශය එයට බාධා කරමින් සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බන්ධනාගාර සිරකරුවකු වශයෙන් සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (ඔක්තෝබර් 28) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts