නීති විරෝධිව මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හා ඊට අදාළ බදු වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු වරද පිළිගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා සිය නීතිඥවරුන් මගින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
එම නීති විරෝධී මෝටර් රථය කොළඹ සුඛෝපභෝගී හෝටලයක රථගාලක් තුළ අත්හැර දමා තිබියදී සොයාගත් අතර එය හිටපු ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු විසින් භාවිතා කරන ලද මෝටර් රථයක් බව පසුව හෙළිවිය.
