කොළඹ විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමක් සිදුව ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරන අතර, එම චෝදනාව කුරුඳුවත්ත පොලීසිය ප්රතික්ෂේප කර තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පැවති සත්යග්රහය අතරතුර අද (17) පස්වරුවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
එහිදී පහරදීමකට ලක්වූ බව කියන බලංගොඩ කස්සප හිමියන් සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බව මාධ්ය වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, බලංගොඩ කස්සප හිමියන්ට කිසිදු පහරදීමක් සිදු නොවූ බව කුරුඳුවත්ත පොලීසිය පවසන අතර, විරෝධතාකරුවන්ගේ චෝදනා සහ පොලීසියේ ප්රකාශය අතර පරස්පරතාවක් මතුව තිබේ.
