ශිරන්ති රාජපක්ෂ මහත්මියට බයිපාස් සැත්කමක් සිදු කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. සෝදරගම මහතා වෙත ලිඛිත වාර්තාවක් මඟින් දැනුම් දී තිබෙනවා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ඉදිරියේ අද (16) දිනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇප නියෝගය සලකා බැලූ අවස්ථාවේදී මෙම වෛද්ය වාර් තාව ඉදිරිපත් කෙරුණා.
එහිදී මහේස්ත්රාත්වරයා විසින් වෛද්ය වාර් තාව පරීක්ෂා කළ අතර ඔහු සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක්ද සහිතව එය ඉදිරිපත් කර ඇති බවත් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු එම වාර් තාවෙ සඳහන් වන බවත් ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවටත් එහි සඳහන් වන බවයි.
එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා ප්රකාශ කළේ, අදාළ වාර් තාව අධ්යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට සඳුදා වැනි ආසන්න දිනයක් ලබා දෙන ලෙසයි.
කෙසේවෙතත් ඊට විරෝධය පළ කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥ අනිල් සිල්වා මහතා ඉල්ලා සිටියේ, අද දිනයේදීම එම වාර් තාව අධ්යයනය කර නැවත කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
ඒ අනුව ඇප නියෝගය සලකා බැලීම සඳහා අද පස්වරු 2.45ට නඩුව නැවත කැඳවීමට ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළා.
සිරිලිය සවිය නැමැති රාජ්ය නොවන සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ස්කෑන් යන්ත්රයක් පරිත්යාග කරන බව පවසමින් මුදල් එකතු කර අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර මෙම විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය එක්ව ඒකාබද්ධව සිදු කරනු ලබනවා.
කෙසේවෙතත් අද දිනයේදී එම විමර්ශනයට අදාළව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.
