දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ නායගොස්, තාවකාලිකව ස්ථාවර වූ ස්ථාන, පවතින අධික වර්ෂා තත්ත්වයත් සමඟ යළි නාය යෑමේ වැඩි අවධානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ ලැබෙන තෙක් නොසිට හෝ එම නිර්දේශ ගණන් නොගෙන ඇතැම් පිරිස් තමන් පෙර පදිංචිව සිටි ස්ථාන වල පදිංචියට ගොස් සිටින බවත් පවතින වර්ෂාවත් සමඟ ඔවුන්ගේ ජීවිත අවධානම් මට්ටමට පත්වීමට වැඩි ඉඩක් පවතින බවත් ඒ මහතා කීය.
අධික වර්ෂා තත්ත්වයත් සමඟ මධ්‍යම කඳුකරයේ ස්ථාන කිහිපයක නාය යෑම් වාර්තා වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසුවේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කරනු දැනුම් දීම් පිළිබඳව සුළුවෙන් නොකතා ජනතාව වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීම වැදගත් බවද මහචාර්යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල පැවැති අධික වියළි කුලගුණික තත්ත්වයත් සමඟ නාය ගිය බොහෝ ස්ථාන ස්ථාවර තත්ත්වයට පත්වූ ස්වභාවක් පෙන්නුම් කළද වැසි තත්ත්වයත් සමඟ ඒවා ක්ෂණිකව යළි සක්‍රීය වීමට ඉඩ තිබෙන බවද සේනාරත්න මහතා කීවේය.
වසර ගණනාවක් පුරා මෙරටට ඇද වැටුණු වර්ෂාව සම්බන්ධ දත්ත යළි සමාලෝචනයකට ලක් කළ යුතු කාලය එළඹ තිබෙන බවද හෙතෙම පැවසුවේය.
