ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා මිලදී ගැනීමේ වංචාවට අදාලව මුදල් විශුද්ධිකරණ චෝදනා මත පවතින නඩුවටද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.
ඒ අනුව එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත දැනට අත්අඩංගුවේ පසුවන රාජපක්ෂ මහතා සැප්තැම්බර් 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ද ඉදිරිපත් කර තිබුණි.
මීට පෙර මෙම නඩුවේ සැකකරුවන් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (පසුව සියදිවි නසාගත්) කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන එන්. විජේනායක මහත්මිය නම් කර තිබුණි. ඒ අනුව, රාජපක්ෂ මහතා ද මීට සැකකරුවෙකු ලෙස ඇතුළත් කෙරෙනු ඇත.
මෙම චෝදනාවටම අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ විසින් අත්අඩංගුවට ගත් අතර ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
එම අල්ලස් නඩුවට අදාළව රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒකාබද්ධව පවත්වාගෙන යන අතර නීතිපති දෙපාර්තමේන්තුවද මෙම විමර්ශනනය අධීක්ෂණය කරමින් සහයෝගය දක්වයි.
