මානව හිමිකම් කොමිසමෙන් ආණ්ඩුවට සැඟවී ඉන්න බැහැ-රාසමානික්කම්

ජගත් මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට සැගවී සිටීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් මහතා පවසයි.

ආණ්ඩු වෙනස් වීම, ජනාධිපති වෙනස් වීම, කැබිනට් මණ්ඩලය වෙනස් වීම ජගත් මානව හිමිකම් කොමිසමට ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කර ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට බලයේ සිටින ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා කීය.

විවෘත පාර්ලිමේන්තු සංසදයේ මෙහෙයවීමෙන් මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී සැප්තැම්බර් 06 පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

‘මානව හිමිකම් සම්බන්ධයෙන් විසඳන්න ඕන ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය යුතුයි. ඒ සම්බන්ධව අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කළා. මේවා විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මානව හිමිකම් ගැටලු නොවිසඳා ප්‍රශ්නෙන් පැනලා යන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතන්න හොඳ නැහැ. ජගත් මානව හිමිකම් කොමිසම කියන්නේ එක ජනකොටසකට හෝ ජන කණ්ඩායමකට සීමා වූ එකක් නෙවෙයි. මේ කොමිසම ශ්‍රී ලංකාවේ මානව හීමිකම් සම්බන්ධව ඉතා ඕනෑ කමින් බලා ඉන්න ආයතනයක්. මානව හිමිකම් කඩවීම් සම්බන්ධ පෙර වැරදි මේ ආණ්ඩු සමයේ සිදුවූ ඒවා නෙවෙයි. පෙර වැරදි සම්බන්ධව ඍජු තීන්දු ගත්තේ නැත්නම් ජගත් මානව හිමිකම් කොමිසම තව දුරටත් ගැටලු මතු කරයි කියන කාරණය වත්මන් ආණ්ඩුව තේරුම් ගත යුතුයි.’

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading