ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයම් කිරීමක් ලෙස හැඳින්විය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් මහතා පැවසීය.
විවෘත පාර්ලිමේන්තු සංසදයේ මෙහෙයවීමෙන් මහනුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී සැප්තැම්බර් 05 වැනිදා පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී අදහස් දක්වමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා එසේ පැවසීය.
එහිදී මාධ්‍ය මන්ත්‍රීවරයාගෙන් අසන ලද්දේ දේශපාලන පලිගැනීමක් ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ අදහස කුමක්ද යන්නයි.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබූ බවද රාසමානික්කම් මන්ත්‍රීවරයා කීය.
