නගර සභා සභාපති අශෝක කරුණාරත්නගේ උපදෙස් මත හැටන් දික්ඔය නගර සභාවට අයත් මහජන පොළ භූමියේ පදික වේදිකා වසාගෙන සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී අද (20) නගර සභා නිලධාරීන් සහ වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. වෙළෙඳසැල් සීමාවෙන් පිටතට රාක්ක සවි කරමින් සහ ආහාර ද්‍රව්‍ය ගොඩ ගසා මහජනතාවට ගමන් කිරීමට නොහැකි වන සේ පදික වේදිකා අවහිර කිරීම හේතුවෙන් නගර සභා නිලධාරීන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අනවසරයෙන් ඉදි කළ කොටස් ඉවත් කරගන්නා ලෙස ආදායම් පරිපාලකවරයා ඇතුළු නිලධාරීන් මීට පෙර කිහිප වරක්ම දැනුම් දී තිබුණද, වෙළෙඳුන් එය නොතකා හැරීම නිසා අද දින අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කිරීමට කටයුතු කර තිබේ. නමුත් එම අවස්ථාවේදී එහිදී හැටන් දික්ඔය නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු වෙළෙඳුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.
සිද්ධිය වූ ස්ථානයට හැටන් – දික්ඔය නගර සභාවේ උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ ඇති අතර, කිසිදු භේදයකින් තොරව සෑම වෙළෙන්දෙකුටම සාධාරණ වන අයුරින් මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙස ඔවුහු එහි සිටි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කෙසේ වුවද මිට අදාළව විරෝධය දැක් වූ වෙළෙඳුන් පවසා ඇත්තේ, නගරයේ තවත් බොහෝ ස්ථානවල මෙවැනි අනවසර ඉදිකිරීම් තිබියදී යම් කිසි පිරිසක් පමණක් ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම අසාධාරණ බවත්, නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවත්ය.
කෙසේ වුවද මෙලෙස එල්ල වූ දැඩි විරෝධතා සහ උණුසුම් තත්ත්වය හමුවේ වුවද, නගර සභා නිලධාරීන් විසින් මහජන පොළ භූමියේ වෙළෙඳසැල් කිහිපයක පවත්වාගෙන ගිය අනවසර ඉදිකිරීම් කිහිපයක්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වුවද මෙලෙස එල්ල වූ දැඩි විරෝධතා සහ උණුසුම් තත්ත්වය හමුවේ වුවද, නගර සභා නිලධාරීන් විසින් මහජන පොළ භූමියේ වෙළෙඳසැල් කිහිපයක පවත්වාගෙන ගිය අනවසර ඉදිකිරීම් කිහිපයක්ම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හැටන් – දික්ඔය නගර සභාවේ ආදායම් පරීක්ෂක ජී.ජී.යූ.පී. ගමගේ මහතා ඇතුළු නිලධාරීන් පවසා ඇත්තේ, මෙය අඛණ්ඩව සිදු කෙරෙන කටයුත්තක් බවත් පොළ භූමියේ ඇති සියලුම අනවසර තාවකාලික වෙළඳසැල් මුළුමනින්ම ඉවත් කර අවසන් කරන බවද ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ උඩු දුවන මෙම ගැටළුවට තම බලය තිබියදී විසඳුම් ලබා දීමට අපොහොසත් වූ වර්තමානයේ විපක්ෂයේ සිටින කණ්ඩායම් මේ සිදු වීම හරහා මාළු බාන බව තවත් වෙළඳසල් හිමිකරුවන් පිරිසක් පවසා තිබේ.
