ක්‍රිෂ් ගනුදෙනුවේ හුවමාරු වූ මුදල්වලින් මෙරට දේපල මිලදී අරන්-සීඅයිඩීය උසාවියට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන ක්‍රිෂ් ගනුදෙනු විමර්ශනවලදී රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළ මිලදී ගැනීමක් පිළිබඳව අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි අක්කර 4.3ක ඉඩමක් ඉන්දීය සමාගමකට බදු දීමේදී මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ජුලි 09 දින කරුණු වාර්තා කරමින්ය.

එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ එම ක්‍රිෂ් ගනුදෙනුවේදී හම්බන්තොට හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මුදල් හුවමාරු වී ඇති බවයි.

එම ගනුදෙනුවේදී ජර්මාන් බැංකුවකින් යූරෝ 1,200,000 ක් හා ඕස්ට්‍රේලියානු බැංකුවකින් යූරෝ 1,497,446ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා ඉදිරිපත් වී ඇති බවයි.

මෙම ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70 ක් වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මහාධිකරණය හමුවේ දැනට අධිචෝදනා කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading