කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6කින් හෙවත් 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ.

එම කොමිෂන් සභාවේ කාලය ජුනි 29 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර එය පත්කර තිබුනේ 2026 දෙසැම්බර් 30 දින සිට ක්‍රියාත්මක වන පරිදිය.

හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියෙකු වූ ඊආර්එම්එස්එච් ඒකනායක හා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩීඑස් වික්‍රමසිංහ කටයුතු කළේය.

ඔවුන්ට පවරා තිබුනේ 2010 සිට 2025 දක්වා කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා, සාපරාධි ලෙස විශ්වාශය කඩකිරීම්, දේපළ සාපරාධි ව්‍යාපරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත් කිරීම්, නීති විරෝධී සැලසුම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන උල්ලංගනය කිරීම්, නිශ්චල හෝ චංචල දේපල කුළියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පටිපාටියෙන් බැහැරව සිදුකර ඇති නඩු කටයුතු, සමථ කිරීම් හා බේරුම් කිරීම් සහ එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට රාජ්‍ය ආදායමට බරපතල අලාභ හෝ හානි සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරන රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් සේවයේ නිරතව සිටි හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සැපයීම් සිදුකරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන හෝ පුද්ගලයින්ට එරෙහි බරපතල චෝදනා පිළිබඳ එම කාලයට හෝ එයට පරිබාහිර කාලයක් සඳහා සොයා බලා වාර්තා කිරීමටය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading