මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් ඇමති බිමල් රත්නායක මීට පෙර පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් කතෝලික සභාව විසින් යළි ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා විසින් ජුනි 17 දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් එම ප්‍රතික්ෂේප කිරීම සිදුකළ අතර එහිදී ඔහු පැවසුවේ රවී සෙනෙවිරත්න හෝ ශානි අබේසේකර ඔවුන්ගේ වත්මන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමි කිසිදු ඉල්ලීමක් කර නැති බවයි.
ඇමති බිමල් රත්නායක මීට පෙර පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ප්‍රකාශ කර තිබුනේ ඔවුන් දෙදෙනාගේ පත්වීම් කාදිනල් හිමිගේ ඉල්ලීමක් අනුව සිදුකළ බවයි.
