ධර්මාධිකරණය නැවත පිහිටු වීම අවසන් අදියරේ ! සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීමට රජය මැදිහත් වෙයි.

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිය සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා‍.

මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවා.

ඒ අනුව, මෙම සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වේ ද යන්න පිරික්සීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ බවත්, එහි දී ඉදිරිපත් වූ යම් යම් සංශෝධන සම්බන්ධයෙන් නීතිපතිවරයා හා බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු අදාළ වගකිවයුතු පාර්ශව අතර සාර්ථක සාකච්ඡාවක් ද පැවති බවත් ජනාධිපතිවරයා එහි දී සඳහන් කරනු ලැබුවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading