ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල බව ඇමති පිළිගනියි

චෝදනාවට ලක්වන නැවේ ඇති ගල් අඟුරුවල අළු ප්‍රතිශතය නියමිත ප්‍රමාණයට වඩා වැඩි බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පිළිගෙන තිබේ.

එහෙත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ගල් අඟුරුවල තාප ධාරිතාව නියමිත පරාසයක පවතින බැවින් නොරොච්චෝලේ බලාගාරය සඳහා යොදා ගැනීමේ ගැටලුවක් නොමැති බවයි.

එම ගල් අඟුරු අනිවාර්යෙන්ම මෙම අවස්ථාවේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිපදවීම සඳහා යොදාගත යුතු බවත්, ඉදිරියේදී වාරකන් කාලය ආරම්භ වන බැවින් ඉන්පසු සැප්තැම්බර් මාසය දක්වා ගල් අඟුරු ගොඩබෑමේ හැකියාවක් නොමැති වීම එයට හේතුව බවත් එහිදී ඇමතිවරයා පැහැදිළි කර ඇත.

එම ගල් අඟුරු නැව ප්‍රතික්ෂේප කළහොත් ගල් අඟුරු මිලදී ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවද ඔහු අවධාරණය කර ඇත. එමෙන්ම නොරොච්චෝලෙන් අහිමි වන විදුලිය ලබා ගැනීම සඳහා වෙනත් තාප විදුලි ප්‍රභවයන් වෙත යොමු වීමට සිදුවන බවද ඔහු පවසා ඇත.

එසේම ගල් අඟුරු ප්‍රමිතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading