ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසියි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම කිරීම සිදුවනු ඇත.

එම පනත ක්‍රියාත්මක වීම සිදුවන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයද අහෝසි වන අතර එම කාර්යාලයේ සේවය කරනු ලබන සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ද, පොලීසියේ සාමාජිකයින්ද, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද, රාජ්‍ය සේවකයන්ද ඔවුන් අයත්ව සිටි සන්නද්ධ හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම සිදුකෙරේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු නිශ්චල හා චංචල දේපල ලේඛන, වාර්තා, වත්කම් හා වගකීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරෙන අතර එම පනත යටතේ අවසන් නොවී පවත්නා සියලු නඩු, නඩු පැවරීම් හෝ නීති කෘත්‍ය එම පනත ඉවත් කිරීමක් සිදුනොවූ ලෙස සලකමින් විභාග කර අවසන් කරනු ලැබිය යුතු බව එහි සඳහන් කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් එළඹෙන ලද කොන්ත්‍රාත්තු හා ගිවිසුම් ආරක්ෂක අමාත්‍යාංශය විසින් එළඹෙන ලද කොන්ත්‍රාත්තු හා ගිවිසුම් ලෙස සැලකෙන අතර එම පනත යටතේ සාදන ලද සෑම නියෝගයක්ම හෝ රීතියක්ම එම පනත අවලංගුවීමත් සමඟ අවලංගු වී ඇති ලෙස සලකනු ලැබේ.

එල්ටීටීඊ සංවිධානය සමඟ සිදුකළ යුද්ධය අවසන් කිරීමෙන් පසු හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට තවදුරටත් සේවා දිගුවක් ලබාදීම වෙනුවට බලතල සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් ලබාදෙන බව පවසමින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඇති කරනු ලැබූ අතර ඊට පෙරද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading