කලාපීය බලවතුන්ට යට නොවී චීන – ශ්‍රී ලංකා සාගරික විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගන්න ! – චීන තානාපති අවධාරණය කරයි.

චීන – ශ්‍රී ලංකා දෙපාර්ශවයේම විද්‍යාඥයින් ඒකාබද්ධව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදු කෙරෙන සාමාන්‍ය සාගරික විද්‍යාත්මක පර්යේෂණ කටයුතු විවිධ බාධාවන් හේතුවෙන් ප්‍රමාද වී ඇති බවත්, ඒ පිළිබඳව තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස තම ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පවසයි.

පැත්ෆයින්ඩර් පදනම සංවිධානය කරන ලද “කොළඹ සාගර සංවාදය” (Colombo Maritime Dialogue) අමතමින් තානාපතිවරයා ඊයේ (13) මෙම අදහස් පළ කළේය.

එහි දී තානාපතිවරයා අවධාරණය කළේ, සාගර කලාපය කලාපීය බලවතුන්ගේ තරග පිටියක් නොවිය යුතු බවත්, එය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබාගත හැකි සහයෝගීතාව තහවුරු වන කලාපයක් විය යුතු බවත් ය.

ඉන්දියන් සාගරය සාමයේ, සංවර්ධනයේ, විවෘතභාවයේ සහ සහයෝගීතාවයේ සාගරයක් බවට පත්විය යුතු බව තමා විශ්වාස කරන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

2025 වසරේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය එහි දී නැවත සිහිපත් කරමින් තානාපතිවරයා කියා සිටියේ, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පදනම් කර ගනිමින් සාගරික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට එම සංචාරයේ දී දෙපාර්ශවයම එකඟ වූ බවයි.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading