දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 න් 92ක් මේ වනවිට යථාවත් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
උඩරට දුම්රිය මාර්ගය යථාවත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රඹුක්කන – කඩුගන්නාව අතර තවත් ස්ථාන 5ක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, මරදාන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායයෑම්, පස් සෝදායෑම්, ගල් පෙරලීම්, පාලම් හා බෝක්කු හානි වීම ඇතුළු සිදුවීම් 97ක් වාර්තා වී ඇති අතර, National Building Research Institute (NBRI/NBRO) ආයතනය විසින් විශේෂ ඉංජිනේරු සැලසුම් සහ පරීක්ෂණ සිදු කරමින් එම යථාවත් කිරීමේ කටයුතු වේගවත් කර ඇති බවත්, ස්ථාන කිහිපයක සංකීර්ණ භූවිද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් දිගුකාලීන ආරක්ෂිත විසඳුම් ක්‍රියාත්මක කරමින් පවතින බවත් සඳහන් වනවා.
කෙසේ නමුත්, එම හානි සිදු වී ඇති ස්ථාන සඳහා යෑම සඳහා දුම්රිය මාර්ගය පමණක් භාවිතා කිරීමට සිදුව ඇති බැවින් එක් ස්ථානයක වැඩ අවසන් කිරීමෙන් පසුව අනෙක් ස්ථානය වෙත ගමන් කිරීමට සිදුව ඇති අතර, අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ අපහසුතා හේතුවෙන් ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ග කොටස් ඉවත් කර වාහන මඟින් ද්‍රව්‍ය රැගෙන යාම වැනි විශේෂ ක්‍රියාමාර්ග ද අනුගමනය කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
