සමලිංගික යුවළ ට දේපළ වල සම අයිතිය…

එක්ව වාසය කරන සමලිංගික යුවළයන් විසින් එක්ව උපයාගත් දේපළවල සම-අයිතිකරුවන් ලෙස ඔවුන්ව පිළිගත හැකි බවට පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මෙම සුවිශේෂී තීන්දුව අනුව එරට පවුල් පනතේ (Family Code) ප්‍රතිපාදනයක් ප්‍රථම වතාවට අදාළ කර ගනිමින් අධිකරණය ප්‍රකාශ කළේ, යම් දේපළක් අත්පත් කර ගැනීම සඳහා දෙපාර්ශවයම දායක වී ඇති බව ඔප්පු කළ හැකි නම්, සමලිංගික යුවළයන් සම-අයිතිකරුවන් ලෙස පිළිගත හැකි බවයි.

අඟහරුවාදා ප්‍රසිද්ධ කරන ලද මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන්නේ, නීත්‍යානුකූලව විවාහ විය හැකි අවිවාහක යුවළයන්ට පවුල් සංග්‍රහයේ (Family Code) 147 වැනි වගන්තිය අදාළ වන බවත්, ඔවුන් එකට ජීවත්වන කාලය තුළ ලබාගත් දේපළ ඒකාබද්ධ අයිතිය යටතේ පවතින බවට උපකල්පනය කරන බවත්ය.

දැඩි මතධාරී කතෝලික රටක් වන පිලිපීනය තුළ සමලිංගික විවාහ නීති විරෝධී වන අතර, වතිකානුවට අමතරව දික්කසාදය සඳහා ඉඩ ලබා නොදෙන ලොව එකම රට ද මෙය වේ. මේ හේතුවෙන් එරට LGBT (සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික) ප්‍රජාවට දේපළ, මූල්‍ය සහ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂාවක් හිමි නොවී තිබුණි. නමුත් මෙම තීන්දුව හරහා ඒ සියල්ල වෙනස් වීමට ලක් විය.

පෙබරවාරි 5 වන දින ප්‍රකාශයට පත් කර අඟහරුවාදා ප්‍රසිද්ධියට පත් කරන ලද පිටු 14 කින් යුත් තීන්දුවක් මගින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙවන අංශය එක් සහකාරියක විසින් ඇයගේ හිටපු සහකාරියට එරෙහිව ගොනු කරන ලද පෙත්සමක් අනුමත කරමින්, ඔවුන් දෙදෙනා පොදුවේ පරිහරණය කළ නිවස සහ ඉඩමෙන් සියයට 50 ක අයිතිය පෙත්සම්කාරියට හිමිවන බවට තීන්දු කළේය.

“පෙත්සම්කාරිය සහ වගඋත්තරකාරිය අතර සම-අයිතියක් පවතින බව සලකා බැලීමේදී, එක් එක් සම-අයිතිකරුවෙකුට පොදුවේ අයිති දේ තමන්ගේ කොටසට අදාළ වන පරිදි බෙදා වෙන් කරන ලෙස ඕනෑම අවස්ථාවක ඉල්ලා සිටිය හැකිය,” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

“අදාළ දේපල සම්බන්ධයෙන් නීත්‍යානුකූල අයිතියක් ඇති බැවින්, අදාළ දේපල බෙදා වෙන් කරන ලෙස ඉල්ලා සිටීමට පෙත්සම්කාරියට අයිතියක් ඇත,” යැයි එහි වැඩිදුරටත් සඳහන් විය.

මෙම දෙදෙනා යුවළක් ලෙස එකට ජීවත් වී ඇති අතර පසුව ක්විසොන් නගරයේ (Quezon City) නිවසක් සහ ඉඩමක් මිලදී ගෙන තිබේ. බැංකු ගණුදෙණු පහසු කර ගැනීම සඳහා දේපල එක් අයෙකුගේ නමින් පමණක් ලියාපදිංචි කිරීමට එහිදී ඔවුහු එකඟ වී ඇත.

නමුත් ඔවුන් වෙන් වූ පසු, දෙදෙනාම දේපල විකිණීමට එකඟ වී ඇති අතර, ලියාපදිංචි හිමිකාරිය වූ වගඋත්තරකාරිය, අනෙක් සහකාරිය මිලදී ගැනීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අඩක් ගෙවා ඇති බව පිළිගනිමින් ලේඛනයකට අත්සන් තබා ඇත.

පසුව, ලියාපදිංචි හිමිකාරිය දේපල විකිණීම ප්‍රතික්ෂේප කර ඇය කලින් ලබාදුන් සම-අයිතිය පිළිගැනීමේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන ඇති අතර, එය අනෙක් සහකාරිය විසින් පැමිණිල්ලක් ගොනු කිරීමට හේතු වී තිබේ.

ප්‍රාදේශීය විභාග උසාවිය (RTC) සහ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දු අවලංගු කළ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින්, වඩාත් ශක්තිමත් නීති සම්මත වන තෙක්, විවාහයකින් තොරව වුවද සමලිංගික යුවළයන්ගේ දේපල අයිතිවාසිකම් පිළිගන්නා බව අධිකරණය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුළුල් සහ ස්ථිර විසඳුම් අධිකරණයෙන් පමණක් නොව, මහජන සාකච්ඡා සහ උපදේශනය මගින් හැඩගස්වන ලද ව්‍යවස්ථා සම්පාදනය හරහා කොන්ග්‍රසයෙන් (පාර්ලිමේන්තුවෙන්) පැමිණිය යුතු බව ද අධිකරණය වැඩිදුරටත් පවසා තිබේ.

“සමලිංගික යුවළයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව වටා ඇති දේශපාලන, සදාචාරාත්මක සහ සංස්කෘතික ප්‍රශ්න සැලකිල්ලට ගනිමින්, මූලික නිදහස කෙරෙහි විශ්වාසවන්තභාවය පවත්වා ගනිමින් අවශ්‍යතා සමබර කරන විසඳුම් සෙවීම සඳහා දේශපාලන අංශ, විශේෂයෙන් කොන්ග්‍රසය මැදිහත් විය යුතුය,” යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

දැඩි මතධාරී කතෝලික රටක් වන පිලිපීනය තුළ සමලිංගික විවාහ නීති විරෝධී වන අතර, වතිකානුවට අමතරව දික්කසාදය සඳහා ඉඩ ලබා නොදෙන ලොව එකම රට ද මෙය වේ. මේ හේතුවෙන් එරට LGBT (සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික) ප්‍රජාවට දේපළ, මූල්‍ය සහ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂාවක් හිමි නොවී තිබුණි.

පිලිපීන පවුල් පනත මගින් විවාහය යන්න ස්ත්‍රියක සහ පුරුෂයෙකු අතර ඇති වන බැඳීමක් ලෙස අර්ථ දක්වා තිබුණද, අධිකරණය පෙන්වා දුන්නේ 148 වැනි වගන්තිය (නීත්‍යානුකූලව විවාහ විය නොහැකි නමුත් එකට ජීවත් වන පුද්ගලයන්ගේ දේපළ සබඳතා පාලනය කරන වගන්තිය) ලිංගභේදය මත පදනම්ව වෙනස්කම් නොකරන බවත්, එය “සෑම ආකාරයකම සහජීවනයන් (co-habitation) සඳහා අදාළ වන” බවත්ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading