තොරතුරු දැනගැනීමේ කොමිසමේ පුරප්පාඩු වූ සාමාජික ධුරයට නාමයෝජනා කැඳවයි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව සඳහා සාමාජිකයෙකු පත් කරගැනීම සඳහා නාමයෝජනා කැඳවා තිබෙනවා.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(1) (ඇ) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිවිල් සමාජ සංවිධාන වෙතින් මෙම නාමයෝජනා කැඳවා තිබෙනවා.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාරව මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවීම,  යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තෙකු නොවීම,  යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවීම,  යම් ව්‍යාපාරයක් කරගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදිය යුතු අයෙකු වීම යන සුදුසුකම් සැපිරිය යුතු ද වනවා.

එම සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ තැනැත්තෙකු, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි  (http://www.parliament.lk) ක්‍ෂණික සබැඳි යටතේ “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම” නමින් පළ කර ඇති  නාමයෝජනා පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු අතර, එසේ නිවැරදිව සම්පුර්ණ කරන ලද නාමයෝජනා 2026 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙර තැපැල් මඟින් හෝ විද්‍යුත් තැපෑල මඟින් භාරදිය යුතු වනවා‍.


 
 

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading