අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා බොහෝ පුදේශවල මී උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව හා මේ වන විට එම රෝගය වැලදුණු රෝගීන් 8000 ක් පමණ වාර්තා වී බව මෙන්ම මෙම තත්ත්වය ඉදිරියේ දී තවත් වැඩිවිය හැකි බව වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
කෙසේ නමුත්ය, රෝගය වැලඳීමෙන් අනතුරුව රෝහල්ගත වීම ප්‍රමාද වීම නිසා මරණයට පත්වූ පිරිස 100 ක් පමණ බවයි බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.
කෙසේ නමුත් සෑම වසරකම මී උණ රෝගීන් 10,000ක් පමණ වාර්තා වන අතර මරණ 100-200 ක් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සඳහන් කරමින් වංසගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ, මී උණ රෝගය පැතිර යන අවදානම් දිස්ත්‍රික්කයන් ලෙස රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවයි.
පාදවල තුවාලයන් හෝ ආසාදනයක් ඇත්නම් ශ්ලේෂ්මලය හරහා විසබීජ ඇතුළු වන බැවින් එවැනි ආසාදනයන් හෝ තුවාල පවතින පුද්ගලයන් මේ දිනවල කුඹුරු වැඩවල, පතල් වැඩවල හෝ ගංවතුර පවතින ප්‍රදේශයන්ගේ ගැවසෙන්නේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හමුවී මී උණ වැළැක්වීමේ ඖෂධ ලබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දෙනු ලබනවා.
එමෙන්ම අවදානම් රැකියාවල නිරතවන්නන් උණ, ඇඟපත වේදනව, ඇස් රතු වීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නැයි ඉල්ලා සිටින වසංගත රෝග විද්‍යා අංශය අවසාන වශයෙන් අවධාරණය කළේ මී උණ හේතුවෙන් සිදු වන මරණ බොහෝවිට සිදුවන්නේ, රෝග ලක්ෂණ පහළ වුව ද රෝහල්ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් බවයි.
