දේශබන්දුගේ නම යැවීමත් ව්‍යවස්ථා විරෝධීයි! සාලිය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි!

දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම පමණක් නොව ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම යෝජනා කර යැවීම පවා අත්තනෝමතික බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රෙෂ්ඨාධ්කරණයට දැනුම්දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ දේශබන්දු⁣ තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම අවලංගු කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව කරුණු දක්වමිනි.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රෙෂ්ඨාධ්කරණය විනිසුරුවරුන් ඉදිරියේ දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ පත්වීමට එරෙහි පෙත්සම් අටක් අද කැඳවිණි.

නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් අද කරුණු දැක්වූහ.

පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම් අද අවසන් වූ අතර සඳුදා (15) සිට දිනපතා වගඋත්තරකරුවන්ගේ කරුණු දැකවීම් අවසන්වනතුරු නඩුව කැඳවීමට නියෝග කළ අධිකරණය සියලු කරුණු දැක්වීම්වලින් පසු නඩු විභාගයට ගැනීමට අවසර දෙන්නේද යන්න ගැන නියෝගයක් නිකුත් කරන බව සඳහන් කළේය.

අද කරුණු දක්වමින් සාලිය පරීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ චෝදනා ගණනාවක් ඇති සහ අධිකරණයෙක් වද හිසාවට වගඋත්තරකරුවකු ලෙස තීන්දු කර ඇති දේශබන්දු⁣ තෙන්නකෝනගේ නම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යැවීමම වැරදි සහ අත්තනෝමතික බවයි.

එසේම ව්‍යවස්ථා සභාවෙන් නිසි අනුමැතියක් නැතිව ඔහු පොලිස්පති ලෙස පත් කිරීම ද ව්‍යවස්ථානුකූල නැතැයි සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading