විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවන්න නියෝග

ලංකා විදුලිබල මණ්ඩලය 2023 පෙබරවාරි 15 වැනි දින විදුලි බිල ඉතා අසාධාරණ ලෙස සියයට 60 කින් ඉහළ දැමීමෙන් රටේ ඉතා අඩු ආදායම්ලාභී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා ජුලි 19 වන දින අදාල නඩුව යලි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම නියෝගය සිදු කර ඇත්තේ ජුලි 17 දින එම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන් හමුවේදී කැඳවූ අවස්ථාවේදී ය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිසි අනුමැතියකින් තොරව එහි සාමාජිකයන් කිහිප දෙනකු දේශපාලන අවශ්‍යතා මත සිදුකළ එම අසාධාරණ බිල ඉහළ දැමීම නිසා පසුගිය ජුනි 30 වැනිදා වන විට රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 35 කට අධික මුදලක් අසාධාරණ ලෙස උපයා ඇති බවත් එලෙස අධික ලෙස අයකරගත් මුදල් පාරිභෝගිකයන්ට නැවත ලබාගත හැකි පරිදි විදුලි බිල පහත දැමිය යුතු බවත් පෙත්සම්කාර ජනක රත්නායක මහතා මාධ්‍ය අමතමින් පවසා තිබුණි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading