සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පතට ආණ්ඩුවෙන් සංශෝධන

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අදාලව සංශෝධන කීපයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (නොවැම්බර් 09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව දැනුම් දුන් නීතිපතිවරයා එම සංශෝධන ඇතුළත් ලේඛනයක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම් දීම සිදුකළේය.

පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

Author

Leave a Reply

Related Posts