රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
අද පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයට එක්වීම සඳහා බන්ධනාගාර බස් රථයෙන් ඔහුව මෙලෙස පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවාගෙන එනු ලැබුවා.
පාර්ලිමේන්තුව වෙත ඇතුළු වන අවස්ථාවේදී එහි රැඳී සිටි මාධ්‍යවේදීන්, “මන්ත්‍රීතුමා මොකද කියන්න තියෙන්නේ?” යනුවෙන් විමසා සිටි ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙමින් නාමල් රාජපක්ෂ මහතා , “පාර්ලිමේන්තුවේදීම කියන්නම්” යනුවෙන් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට අදාළව නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා
