රාජිතගේ සහෝදරයා අත්අඩංගුවට 

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න අද (18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි.

දිවයින පුරා මත්ස්‍ය අලෙවිසැල් ස්ථාපිත කිරීම සහ ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරෙකු වන මහීල් සේනාරත්න, 2010 වසරේ සිට 2012 දක්වා කාලය තුළ ලංකා ධීවර සංස්ථාවේ සභාපති ධුරයේ කටයුතු කර තිබුණි.

මීට පෙරද ලංකා ධීවර සංස්ථාවට අයත් මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීම සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ධීවර සංස්ථාවේ පසුගිය කාලසීමාවන් තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා, ටෙන්ඩර් පටිපාටි නොසලකා හැරීම් සහ සේවක බඳවාගැනීම් පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මඟින් ද විමර්ශන වාර්තා කිහිපයක් නිකුත් කර තිබුණි.

Author

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading