අලුත් බස් 112ක්! මෙට්‍රෝ ආයතනයට ප්‍රතිපාදන!

මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා හිමිකම් ප්‍රාග්ධනය සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ යටතේ කොළඹ නාගරික ප්‍රවාහනය සඳහා තවත් නව පතුල පහත් බස් රථ 112ක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී සේවයට එක් කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය බස් ඩිපෝ, අංග සම්පූර්ණ වැඩපොළවල් සහ අභ්‍යන්තර මාර්ග ඉදි කිරීමට මෙම මුදල් යොදාගැනීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 800ක් සහ 2027 වසරේදී රුපියල් මිලියන 267.5ක් හිමිකම් ප්‍රාග්ධනය ලෙස ලබාදීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading