කටාන – බෝලවලාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් හෝ පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් සිදු වූ අනතුර, අදාළ තරුණයන් දෙදෙනා ඉතාමත්ම අධික වේගයෙන් සහ නොසැලකිලිමත්ව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇතැයි කටාන පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ් යූ වුට්ලර් මහතා පවසයි.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බීමත්කම, අධික වේගය, නොසැලකිල්ල සහ අපරික්ෂාකාරී ධාවනය සඳහා නීතියෙන් කිසිදු ඉඩක් නොමැති බවත් රථවාහන නීති කැඩීම සම්බන්ධයෙන් විශාල පිරිසකට එරෙහිව දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇති බවත්ය.
නීති දැඩි කළද සහජ විනය නීතියට වඩා බලවත් වන බව පෙන්වාදුන් එෆ් යූ වුට්ලර් මහතා, නඩු පැවරීමෙන් පමණක් සමාජය වෙනස් කළ නොහැකි බව අවධාරණය කළේය.
තම යතුරුපැදිය, මෝටර් රථය හෝ ජීප් රථය වයසින් අඩු දරුවන්ට ලබාදීමේදී දෙමාපියන් සහ වැඩිහිටියන්ද ඒ සඳහා වගකීමට යටත් වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
රිය පැදවීමට පෙර වාහනයේ ලේඛන, යාන්ත්‍රික දෝෂ සහ පවතින අනෙකුත් ගැටලු පිළිබඳව නිරන්තර අවධානය යොමුකර කටයුතු කරන ලෙස ඔහු සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.
කටාන- බෝලවලාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ධාවනය වූ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් හෝ පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් මෙම මාරාන්තික අනතුර සිදුවී තිබුණී.
එම ප්‍රබල ගැටීමෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ තරුණයන් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූ අතර මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව දාගොන්න ප්‍රදේශයේම පදිංචිව සිටි 18 සහ 20 යන වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙකි.
අනතුරින් පසුව රෝහල් ගත කරන විටත් තරුණයන් දෙදෙනා දැඩි ලෙස තුවාල ලබා සිටි අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම සිදුවූ මාරාන්තික අනතුරින් පසු අදාළ කන්ටේනර් රථයට ගිනි තබා හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිඹුලපිටිය සහ මීගමුව දාගොන්න ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසුවන තරුණයන් තිදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඊට අමතරව අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ අතහැර දමා ගොස් තිබූ තවත් යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර එය දැනට පොලිස් භාරයට ගෙන තිබේ.
අනතුරින් පසු කන්ටේනර් රථයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ප්‍රදේශයේ සවි කර ඇති CCTV දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
