අවුල් ජාලය ලිහන්න නම් ගොවියනුත් වෙනස් වෙන්න ඕනෙ! ලාල්කාන්ත ගොවියන්ට දුන් උත්තරය!

පසුගිය සමයේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ඇති වූ දැවැන්ත අවුල් ජාලය ලිහා දැමීමට රජය මේ වන විට විවිධ බෝග සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වෙමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා..

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් පරිවර්තනය සාර්ථක කරගැනීමට නම් ගොවිජනතාවද සිය පැරණි මතවලින් මිදී වෙනස් විය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා.

වී වගාවෙන් පමණක් රටේ කෘෂිකර්මය ගොඩනැගිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බඩඉරිඟු, බීලූනු සහ අල වැනි අතිරේක බෝග වගාවන් කෙරෙහිද රජයේ නිසි කළමනාකරණය යොමු කර ඇති බව පැවසුවා.

විශේෂයෙන්ම දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් රටට අවශ්‍ය ප්‍රෝටීන් සපයන කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සුරක්ෂිත කළ හැකි බවත් ඒ වෙනුවෙන් විද්‍යාත්මක පදනමකින් යුතුව බෝග සලසුම් සකස් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

වී සඳහා රජය නියම කර ඇති සහතික මිල සහ සහනාධාර පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පිරිවැය ගණනය කර මිල තීරණය කරන්නේ රාජ්‍ය ආයතන ගණනාවක් එකාබද්ධව විද්‍යාත්මක පදනමකින් බවයි.

එමෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ පදනම මත වී මෝල් හිමියන්ට සහන සලසන බවත්ල බාගත් ණය විධිමත්ව ගෙවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවත් අමාත්‍යවරයා පවසනවා.

පාරිභෝගිකයන්ට සහල් මිල පිළිබඳ මේ වන විට කිසිදු ගැටලුවක් නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අමාත්‍යවරයා මේ පිළිබඳව පිළිතුරු ලබාදෙන අතරතුර මාධ්‍යවේදියෙකු අධිකරණ ක්ෂේත්‍රයට අදාළව මතුව ඇති වෙනත් ගැටලුවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමට උත්සාහ කළද, එම ප්‍රශ්නයට පිළිතුරක් නොදී, තමන් මෙතැනදී කතා කරන්නේ වගාවන් පිළිබඳව මිස අධිකරණය ගැන නොවන බවට පවසමින් එම ප්‍රශ්නය මගහැරීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබුවා.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading