මත්තල ගුවන් තොටුපල දීම ලබන වසරේ අවසන්

මත්තල ගුවන් තොටුපල බාහිර පාර්ශවයකට ලබාදීම සඳහා කැඳවා ඇති ආයෝජන යෝජනා පිළිබඳ කටයුතු ලබන වසරේදී අවසන් කළ හැකි බව සාකච්ඡාවට ලක්වී ඇත.

එසේ සාකච්ඡාවට ලක්වී ඇත්තේ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලබන වසරට අදාළ අයවැය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවති පූර්ව සාකච්ඡාවේදීය. එය ජුලි 15 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එයට වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති ඇමති අනුර කරුණාතිලක, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු හා ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් සහභාගි වී ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මත්තල ගුවන් තොටුපල දිනකට රුපියල් මිලියන 6-7ත් අතර පාඩු ලබන බවත්, එම පාඩුව වසරකට රුපියල් බිලියන 4ක් පමණ වන බවය. එම තත්වය මඟ හරවා ගැනීම සඳහා විකල්ප යෝජනා වශයෙන් මත්තල ගුවන් තොටුපල සඳහා ආයෝජන යෝජනා කැඳවා ඇති අතර එම කටයුතු 2027 වර්ෂයේදී අවසන් කළ හැකි බවත් එහිදී ප්‍රකාශ වී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading