නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පස්සට යයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ආණ්ඩුවේ බලාපොරොත්තුව වූවද එය මේ මොහොතේ ප්‍රඹුඛතාවයක් නොවන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති චන්දන අබේරත්න ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී පවසා තිබේ.

එසේම ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ ඡන්ද ක්‍රම වෙනස් කිරීම සම්බන්ධ අවසන් නිර්දේශ වසරක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක් නොවන බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසූ බවයි.

ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුවල සඳහන් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading