ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ඝාතනයෙන් පසු එය නිවේදනය කළ ප්‍රෙස් ටීවී (Press TV) හි මරියම් අසාචෙහ්ර් (Maryam Azarchehr) ගේ කටහඩ බිදී යනවා. ඔහු මෙසේ කියනවා.
“පළිගැනීමක් එමින් පවතිනවා. පළිගැනීමක් ඉතා ඉක්මනින්ම එනවා. ඔවුන් කළේ කුමක්දැයි ඔවුන්ටම දැකගත හැකි වනු ඇත.”
“ඉමාම් අලි මෙන්ම, ඉමාම් කමෙන්නෙයී ද ඉතිහාසයට එක්වනු ඇත.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
‘අල්ලාගත් භූමිය (ඊශ්‍රායල්) සහ ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම ඉතා ඉක්මනින් ආරම්භ වීමට නියමිතයි.‘ යනුවෙන් ඉරාන රජය නිවේදනය කර තිබෙනවා.
‘ඉස්ලාමීය විප්ලවයේ නායකයා ඝාතනය කිරීමේ අපරාධය දඬුවම් නොලැබ නොසිටිනු ඇත. ප්‍රාණපරිත්‍යාගී වූ නායකයාගේ නිර්මල රුධිරය, ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ අපරාධකාරී පාලන තන්ත්‍රයන් මුලිනුපුටා දමනු ඇත.‘ යනුවෙන් ඉරාන රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මේ අතර ඉරානයට එරෙහිව එල්ල වූ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් පක්පූර් සහ අයතුල්ලා කමෙන්නෙයීගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අලි ශම්කානි ඝාතනයට ලක් කර තිබෙනවා. පෙනී යන ආකාරයට ඉරානයේ නායකයන් එකිනෙකා ඝාතනයට ලක් වෙද්දී වුව ඉරාන හමුදාවට මේ වන විටත් පහරදිය යුතු ආකාරය පිළිබද උපදෙස් දී තිබෙනවා.

ඉරානය තාවකාලික නායකත්වයක් පත් කරගෙන තිබෙනවා.
නිල IRNA පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, රටේ ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ භාරකාර මණ්ඩලයේ (Guardian Council) නීතිවේදියෙකුගෙන් සමන්විත තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් රටේ සියලුම නායකත්ව වගකීම් තාවකාලිකව භාරගනු ඇති බවයි. මෙම තත්වයට මුහුණදීම සදහාත්, නායකයන් මියගියහොත් එයට ප්‍රතිචාර දැක්වීම සදහාත් ඉරානය පෙර සිටම සූදානම්ව සිට ඇතැයි වාර්තා පළ වෙනවා.
මේ අතර ඉරානයේ නායකයාගේ ඝාතනයෙන් සතුටට පත් වූ ඉරාන ජනතාව මෙන්ම- එයට එරෙහිව වීදිවලට පැමිණ විරෝධතා දක්වන මහා ඉරාන ජනකායක් ගැන ඉරාන මාධ්‍ය වාර්තා කරනවා. ‘ඇමෙරිකාවට මරණය‘ යනුවෙන් ඔවුන් විරෝධතා පළ කරනවා.
ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයියද් අලි කමෙන්නෙයීගේ ප්‍රාණපරිත්‍යාගය පිළිබඳ පුවත ඉරිදා අලුයම නිවේදනය කරන ලදී.
සෙනසුරාදා උදෑසන ටෙහෙරාන් නුවර පිහිටි අයතුල්ලා කමෙන්නෙයීගේ නිල නිවස ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, එහිදී ඔහුගේ දියණිය, බෑණනුවන්, ලේලිය සහ මුණුබුරා ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ප්‍රාණපරිත්‍යාගී වී ඇත.
අයතුල්ලා කමෙන්නෙයීගේ ප්‍රාණපරිත්‍යාගය පිළිබඳ නිවේදනයෙන් පසුව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ආත්මයේ පවිත්‍රතාවය, ඇදහිල්ලේ ශක්තිය, කටයුතුවල විචක්ෂණභාවය, උද්ධච්ච බලවේගයන්ට එරෙහි නිර්භීතකම සහ දෙවියන්ගේ මාවතේ වෙහෙස වීම අතින් තම යුගයේ අසමසම වූ ශ්‍රේෂ්ඨ නායකයෙකු ඉරාන ජාතියට අහිමි වී ඇති” බවයි.
එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් වේ:
“මනුෂ්‍යත්වයේ අධම ත්‍රස්තවාදීන් සහ මිනීමරුවන් අතින් සිදු වූ ඔහුගේ මෙම ප්‍රාණපරිත්‍යාගය, මෙම ශ්‍රේෂ්ඨ නායකයාගේ දැහැමි බවට සහ ඔහු ඉටුකළ අවංක සේවය (දෙවියන් විසින්) පිළිගැනීමට ලකුණකි.”
ඉස්ලාමය සහ මහා ඉරානය වෙනුවෙන් වූ මාවතේ මෙම ප්‍රාණපරිත්‍යාගය “ජයග්‍රහණයේ සහ ඉලක්කය වෙත සමීප වීමේ සලකුණක්” බව IRGC පවසයි. ඉමාම් කමෙන්නෙයීගේ මරණයත් සමඟ ඔහුගේ මාවත සහ උරුමය නතර නොවන බවත්, එය වඩාත් ශක්තිමත්ව සහ උත්කර්ෂවත් ලෙස ඉදිරියට යන බවත් එහි සඳහන් වේ.
“මෙම ප්‍රාණපරිත්‍යාගය අපගේ ජාතිය ආදරණීය ඉමාම් කමෙන්නෙයීගේ ආලෝකමත් මාවතේ ගමන් කිරීමට වඩාත් අධිෂ්ඨානශීලී කරනු ඇත,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
ඇමෙරිකාවේ සහ සියොන්වාදී පාලනයේ (Zionist regime) මෙම දුෂ්ට, අපරාධකාරී සහ ත්‍රස්තවාදී ක්‍රියාව ආගමික, සදාචාරාත්මක මෙන්ම නීතිමය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව IRGC පෙන්වා දෙයි. එබැවින්, ජාතියේ නායකයා ඝාතනය කළවුන්ට එරෙහිව “දැඩි, තීරණාත්මක සහ පසුතැවිලි වීමට සිදුවන දඬුවමක්” ලබා දීම සඳහා ඉරාන ජාතියේ පළිගැනීමේ හස්තය ඔවුන් අත් නොහරින බවට අවධාරණය කර ඇත.
ප්‍රාණපරිත්‍යාගී වූ නායකයාගේ උරුමය ආරක්ෂා කරමින්, අභ්‍යන්තර හා බාහිර කුමන්ත්‍රණවලට එරෙහිව ස්ථිරව සිටිමින්, ඉස්ලාමීය මව්බිමට එරෙහි ආක්‍රමණිකයන්ට උචිත දඬුවම් ලබා දෙමින් ඔහුගේ මාවත ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යන බවට IRGC මෙහිදී ප්‍රතිඥා දී තිබේ.
ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයියද් අලි ඛමේනිගේ ‘වීර මරණයක්‘ ලැබූ බවට ඉරාන මාධ්‍ය නිවේදනය කළේ ලංකාවේ වෙලාවෙන් ඉරුදින පාන්දර වෙද්දීය.
සෙනසුරාදා උදෑසන ටෙහෙරාන් නුවර පිහිටි අයතුල්ලා කමෙන්නෙයීගේ නිල නිවස ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, එහිදී ඔහුගේ දියණිය, බෑණනුවන්, ලේලිය සහ මුණුබුරා ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ඝාතනයට ලක් වී ඇත.
අයතුල්ලා ඛමේනිගේ මරණය පිළිබඳ නිවේදනයෙන් පසුව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ආත්මයේ පවිත්‍රතාවය, ඇදහිල්ලේ ශක්තිය, කටයුතුවල විචක්ෂණභාවය, උද්ධච්ච බලවේගයන්ට එරෙහි නිර්භීතකම සහ දෙවියන්ගේ මාවතේ වෙහෙස වීම අතින් තම යුගයේ අසමසම වූ ශ්‍රේෂ්ඨ නායකයෙකු ඉරාන ජාතියට අහිමි වී ඇති” බවයි.
එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් වේ:
“මනුෂ්‍යත්වයේ අධම ත්‍රස්තවාදීන් සහ මිනීමරුවන් අතින් සිදු වූ ඔහුගේ මෙම ප්‍රාණපරිත්‍යාගය, මෙම ශ්‍රේෂ්ඨ නායකයාගේ දැහැමි බවට සහ ඔහු ඉටුකළ අවංක සේවය (දෙවියන් විසින්) පිළිගැනීමට ලකුණකි.”
ඉස්ලාමය සහ මහා ඉරානය වෙනුවෙන් වූ මාවතේ මෙම මරණය “ජයග්‍රහණයේ සහ ඉලක්කය වෙත සමීප වීමේ සලකුණක්” බව ඉරානය පවසා තිබේ. ඛමේනිගේ මරණයත් සමඟ ඔහුගේ මාවත සහ උරුමය නතර නොවන බවත්, එය වඩාත් ශක්තිමත්ව සහ උත්කර්ෂවත් ලෙස ඉදිරියට යන බවත් එහි සඳහන් වේ.
“මෙම ප්‍රාණපරිත්‍යාගය අපගේ ජාතිය ආදරණීය ඉමාම් කමෙන්නෙයීගේ ආලෝකමත් මාවතේ ගමන් කිරීමට වඩාත් අධිෂ්ඨානශීලී කරනු ඇත,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
ඇමෙරිකාවේ සහ සියොන්වාදී පාලනයේ මෙම දුෂ්ට, අපරාධකාරී සහ ත්‍රස්තවාදී ක්‍රියාව ආගමික, සදාචාරාත්මක මෙන්ම නීතිමය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව ඉරාන හමුදා ප්‍රකාශ කර තිබේ. එබැවින්, ජාතියේ නායකයා ඝාතනය කළවුන්ට එරෙහිව “දැඩි, තීරණාත්මක සහ පසුතැවිලි වීමට සිදුවන දඬුවමක්” ලබා දීම සඳහා ඉරාන ජාතියේ පළිගැනීමේ හස්තය ඔවුන් අත් නොහරින බවට අවධාරණය කර ඇත.
ඝාතනය වූ නායකයාගේ උරුමය ආරක්ෂා කරමින්, අභ්‍යන්තර හා බාහිර කුමන්ත්‍රණවලට එරෙහිව ස්ථිරව සිටිමින්, ආක්‍රමණිකයන්ට දඬුවම් ලබා දෙමින් ඔහුගේ මාවත ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යන බවට එම හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.
