ගොඩගේ පොත් මැදුර විසින් 27 වැනි වරටත් සංවිධාන කරනු ලැබූ ‘ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ’ ඊයේ (14) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.
එම සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2024 වසරේ ප්‍රශස්තම නවකතාව වෙනුවෙන් එරික් ඉලයප්පාරච්චිගේ ‘සඳ ගමන’ සම්මානිත වූ අතර, ප්‍රශස්තම කෙටිකතා සංග්‍රහයට හිමි ගොඩගේ සම්මානය දිනා ගනු ලැබුවේ, සේපාලි මායාදුන්නේගේ ‘තුණ්ඩු ලියන්නා’ කෙටිකතා සංග්‍රහයයි.


ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය තරින්ද්‍ර ගලහේනගේ ‘මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝක ජනක ද’ කෘතිය විසින් දිනාගනු ලැබූ අතර, මංජුල වෙඩිවර්ධනගේ ‘බල්සාක් කැෆේ’ ප්‍රශස්තම තීරු ලිපි සංග්‍රහයට හිමි සම්මානය දිනාගනු ලැබුවා.


ප්‍රශස්තම යොවුන් නවකතාව ලෙස සාගර සිරිසුරිය ලියූ ‘නිමාවිය අමාවක’ හා ප්‍රශස්තම ළමා කතා කෘතිය ලෙස සංජය වික්‍රමආරච්චි ලියූ ‘ලොවි හිනාව’ සම්මානිත වුණා.
2024 වසරේ ප්‍රශස්තම නාට්‍ය කෘතිය ලෙස විජිත ගුණරත්නගේ ‘නාට්‍ය අධ්‍යක්‍ෂණය හා රංග කාර්ය’ ගොඩගේ සම්මානය දිනා ගනු ලැබුවා.
මීට අමතරව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය පියසීලි විජේමාන්න, සේන තෝරදෙනිය, මහාචාර්ය මුදියන්සේ දිසානායක හා එරික් ඉලයප්ආරච්චි යන ප්‍රවීණ සාහිත්‍යධරයන් වෙත ගොඩගේ සමාගමේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ අතින් උපහාර සම්මාන පිරිනැමුණු අතර, එම උස්තව සභාවේ ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් පවත්වනු ලැබුවා.
මෙහි දී ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහක ලේඛක ලේඛිකාවන් සඳහා ද සම්මාන හා සහතික පිරිනමනු ලැබූ අතර, මෙම උත්සවය ගොඩගේ සමාගම් කළමනාකාර අධ්‍යක්ෂ කමනි ගොඩගේ විසින් පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කර තිබුණා
