මහේෂිගේ සැත්කම් ගැන පැමිණිලි සීයක්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ සම්බන්ධ යම් තොරතුරක් වෙත්නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම්දිය හැකි බව අල්ලස් කොමිසම පසුගියදා දැනුම් දුන්නා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂී විජේරත්න මහත්මිය විසින් ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

එලෙස ශල්‍යකර්මවල භාජනය වී අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර අගතියට පත්වු පුද්ගලයින් ගැන හෝ එම අක්‍රමිකතාව ගැන තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා.

විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු තුන් දෙනෙකු පසුගිය මස 17 වැනිදා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පසුව ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading