විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබෙනවා.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවර ගෙන ඇති වැඩසටහන්වලට අදාළ රටවල්වලට ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනද ඇතුළත් බව.
යුධ අපරාධ, මානව හිමිකම් කඩකිරීම්, ස්ත්‍රී දූෂණ ඇතුලු සිදුවීම් ගැන සාක්ෂි එකතු කිරීම් සහ විමර්ශන සඳහා වෙන්කල මුදල් මෙලෙස නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇමෙරිකානු අයවැය හා කළමණාකරණ කාර්‍යාලයේ මෙම තීන්දුව අවසාන තීරණය නොවෙයි. රාජ්‍ය දෙපාර්තමේන්තුවට අභියාචනය කිරීමේ විකල්ප අවස්ථාව ලබා දෙනවා.
එහෙත් මේ වන විට මෙවැනි වියදම් කප්පාදු පිලිබඳ හරි තීන්දුවක් නැතිව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සහ ඔහුට හිතවත් පිරිස් අතර ලිපි හුවමාරු බොහොමයක් පවතිනවා. මාකෝ රුබියෝ ඇතැම් වැඩසටහන් පවත්වාගැනීමට උත්සාහ කරනු ඇතැයි කියනවා. එහෙත් ශ්‍රී ලංකාව එයට ඇතුළත් වෙනු ඇතැයි සිතන්නට බැහැ.
රොයිටර් පුවත් සේවයට අනුව, මෙලෙස කප්පාදු කළ වැඩසටහන්වලට ඉරාකය, සිරියාව, මියන්මාරය, යුක්‍රේන්‍ය සහ රුසියාව නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ ගැම්බියාව යන රටවල වැඩසටහන් ද ඇතුළත් වෙනවා.
