ශිරන්ති රාජපක්ෂගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට !

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (27) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

නාවල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් මේවනවිට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා ය.

නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇති ජාතික සම්පත් බරපතල ලෙස අවභාවිතා කිරීම සම්බන්ධව චෝදනා ගොනු වී තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ වංචා දූ ෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වාර්තාවෙන් හෙළි වී තිබිණ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading