කිලිනොච්චි මුලංකාවිල් ඉරණතිව් දූපතට යෑමට ඉඩ නොදීමෙන් මූලික අයිතිවාසිමකම් උල්ලංඝණය කළ බව කියමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු විමසීම සඳහා නාවික හමුදාපතිවරයා අද (3) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාලව ලබා දුන් නිර්දේශ එලෙස ක්‍රියාත්මක කර නොමැති බවට හෙළිදර්වීමෙන් පසු ඊට හේතු විමසීම සඳහා මානව හිමිකම් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල් ටී බී දෙහිදෙණිය මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවීමට නියමිත බව දැනගන්නට තිබේ.
රුකී ප්‍රනාන්දු මහතාට සහ තවත් ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට 2021 මාර්තු 05 වැනිදා යාපනය ඉරණතිව් දූපට යෑමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ඒ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එම කොමිසම 2023 දෙසැම්බර් 08 වැනිදා තම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(h) මගින් ආරක්ෂා කර ඇති නිදහසේ යාමට ඒමට ඇති අයිතිය නාවික හමුදාව විසින් කඩ කරනු ලැබ ඇතැයි තීන්දු කළ මානව හිමිකම් කොමිසම ඊට අදාලව නිර්දේශ හතරක් නිකුත් කළේය.
